Oba Darmishtai – ඔබ ධර්මිෂ්ටයි
Verse 01
ජීවිතේ පසුවන සැම මොහොතක් පාසා
ඔබ මා ළගින් සිටිනා බව මට දැනුනා
නිරතුරැ ඔබ මා හද සනසමින් ගෙන යන්නා
ඔබ යහපත් වූ දෙවිදුන් බව මා හට දැනුනා
Chorus
ඔබ ධර්මිෂ්ඨයි – ඔබ බලවන්තයි
ඔබ යහපත් වූ – දෙවිදුන් පමණයි
Verse 02
ඇදහිල්ලෙන් මා සවිමත් කරමින් ගෙන යන්නා
දෙවිදේ ඔබෙ දෙව් වදනින් නිසි මග මට පෙන්වා
යා යුතු මග නිරතුරැ මා ගෙනයයි ඔබ සැමදා
ඔබ යහපත් වූ දෙවිදුන් බව මා හට දැනුනා
Chorus
ඔබ ධර්මිෂ්ඨයි – ඔබ බලවන්තයි
ඔබ යහපත් වූ – දෙවිදුන් පමණයි
Bridge
ඔබ පිළිතුරැ දෙන්නාවූ දෙවිදුන් බව විශ්වාස කරන්නෙමි


