Yesuni Oba Yahapathya – යේසුනී ඔබ යහපත්ය

Faith Score+1
Faith Score+1

Yesuni Oba Yahapathya – යේසුනී ඔබ යහපත්ය

යේසුනී ඔබ යහපත්ය – යේසුනී ඔබ සර්ව බලවත්ය //
ශුද්ධ දෙවිඳුන් ඔබමය මාගේ – අන් කිසිවෙකු නැත ඔබ මෙන් මේ ලෝකේ //
අන් කිසිවෙකු නැත ඔබ මෙන් මේ ලෝකේ

යේසුනී ඔබ යහපත්ය – යේසුනී ඔබ සර්ව බලවත්ය //

මව් කුසයේ සිට ඔබ මා කැඳවූ – පියෙකු ලෙස ඔබ කර මත ගෙන්වූ //
රාජාලියෙකු සේ මට මඟ පෙන්වූ – ජීවනේ එළියයි ඔබ මට ලැබුනු //
ජීවනේ එළියයි ඔබ මට ලැබුනු

යේසුනී ඔබ යහපත්ය – යේසුනී ඔබ සර්ව බලවත්ය //

ගැඹුරු මුහුදක් මා වටකෙරුවත් – සුරතින් උසුලන දෙවිඳුන් මා සමඟින් //
ස්වර්ගයට මා නැගී ගියත් – මාගෙ දෙවිඳුන් මා සමඟින්නේ //
මාගෙ දෙවිඳුන් මා සමඟින්නේ

යේසුනී ඔබ යහපත්ය – යේසුනී ඔබ සර්ව බලවත්ය //

ගිනි මැදදි ඔබ මා උසුලන්නේ – ඔබගෙ සරණත් පිහිටත් ලැබෙන්නේ //
සිංහයන් මැද මා බිය නොවන්නේ – මරණ සෙවනේ ඔබ මා සමඟින්නේ //
මරණ සෙවනේ ඔබ මා සමඟින්නේ

යේසුනී ඔබ යහපත්ය – යේසුනී ඔබ සර්ව බලවත්ය //

ආලෝකයක් නැති පහනක් වැන්නේ – මාගෙ ජීවිතෙ එළිය ඔබමනේ //
දුගී ලෙස ගෙව් අඳුරු මා දිවියේ – ආසිරි ගෙන දුන් ඔබමයි මා සමිඳේ //
ආසිරි ගෙන දුන් ඔබමයි මා සමිඳේ

යේසුනී ඔබ යහපත්ය – යේසුනී ඔබ සර්ව බලවත්ය //
ශුද්ධ දෙවිඳුන් ඔබමය මාගේ – අන් කිසිවෙකු නැත ඔබ මෙන් මේ ලෝකේ //
අන් කිසිවෙකු නැත ඔබ මෙන් මේ ලෝකේ

යේසුනී ඔබ යහපත්ය – යේසුනී ඔබ සර්ව බලවත්ය //

Yesuni Oba Yahapathya song lyrics in english

Yesuni Oba Yahapathya lyrics,sinhala christian lyrics

We will be happy to hear your thoughts

      Leave a reply

      About Us

      Part of the Christianmedias organization, we are dedicated to sharing worship music to inspire prayer and devotion worldwide.

      World Tamil Christians - The Ultimate Collection of Christian Song Lyrics
      Logo